A day trip to Kanneliya rain-forest









ජෛව විවිධත්වයෙන් අනූන වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සංවේදී පරිසර පද්ධතීන් බොහොමයකින් සමන්විතය.
ශ්‍රී ලංකාවේ නිරිත දිග දෙසින් ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 35 ක් දුරින් ඊශාන දිශාවට වන්නට  පිහිටා තිබෙන කන්නෙලිය වන රක්ෂිතය එවන් සුවිශේෂී පරිසර පද්ධතියකි. හෙක්ටයාර 50305.9 ක භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරුණු කන්නෙලිය වන රක්ෂිතය පහතරට වැසි වනාන්තරයක් ලෙස හැදින්විය හැකිය. එයින් හෙක්ටයාර 50108.2 ක් ඝන වනාන්තරය ලෙසත් හෙක්ටයාර 168.4 ක් ලදු කැලෑ ලෙසත් හෙක්ටයාර 29.3 ක් වන වගා ලෙසත් හදුනාගෙන තිබේ. 
නිලවලා ගගෙහි හා ගිං ගගෙහි ජල පෝෂක ප‍්‍රදේශයක් වන කන්නෙලිය වන රක්ෂිතය මුහුදු මට්ටමේ සිට මීටර් 60 සිට මීටර් 425 දක්වා උසින් යුත් භූමියකි. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3750 ක් පමණ වන අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 කි. එම දේශගුණික තත්වයන් වසර පුරාම පැවතීම සතුන්ගේ හා ශාක වල පැවැත්මට හිතකර වී තිබේ.
ගවේෂණය කිරීමට හා සංචාරය කිරීමට කන්නෙලිය කදිම ස්ථානයකි. මෙරට දකුණු ප‍්‍රදේශයට වන්නට පිහිටා තිබෙන  සුඛෝපභෝගී සංචාරක නිකේතනවල සිට කන්නෙලියට ලගාවීම  ඉතා පහසු නිසා දෙස් විදෙස් සංචාරකයන් අතර කන්නෙලිය ඉතා ප‍්‍රචලිතය.
කන්නෙලිය රක්ෂිතය තුල තිබෙන ඇල ෙදාල ගංගා හා කුඩා දිය කඩිති අතර තිබෙන කන්නෙලි ඇල, නන්නිකිත්ත ඇල හා උඩුගම ඇල මෙරට දකුණු ප‍්‍රදේශයේ ආර්ථික හා සාමාජීය සංවර්ධනයට දායක වන නිල්වලා ගඟ හා ගිං ගඟ පෝෂණය කරයි. රක්ෂිතයේ තිබෙන අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල හා ගල්ලෑලි දොල ඇල්ල ඉතා විචිත‍්‍රවත් වන අතර නොමද සංචාරක ආකරෂණයට ලක්වේ.
මෙම පහතරට සදාහරිත වනාන්තරයේ පෘථිවියේ ආරම්භයේ දී ඇති වූ පෝගනාටුම්, කැකිල්ල, පටියදාතු හා මීවන වැනි ශාක වල සිට පරිණාමය අතින් උසස් කුලයන්යට අයත් ශාඛ විශේෂ දක්වා දැකිය හැකිය. බිම් මට්ටමේ සිට වැඞීගෙන එන ශාක ප‍්‍රජාවගෙන් ද උප වියන් ස්ථරයන්ගෙන් ද වියන් ස්ථරයන්ගෙන් ද සමන්විත මෙම වන බිම තුල දුන් නා හොර නවද වැනි ශාක විශේෂ 234 ක් දැකගත හැකිය. ඉන් බටු කීන, ගොඩ ගම්බි, ඇටඔ, වලූ කීන, මඩොල්, මැන්ඩෝරා,වල්ලා පට්ටා හා බඔර වැල් වැනි ශාක විශේෂ 155 ක් ශ්‍රී ලංකාවට ආවේණික ශාකයන් වේ.
ඖෂධීය වටිනාකමක් සහිත ඇත් අඩි ,ගොනිකා වැල්, බදුල්ල, මහ හැඩයා, වනරාජ ,රත් දෝතලූ , ඉරු රාජ ,වේකෙයියා හා කැකිරි වරා යන ශාක වලින් ද ආර්ථික වැදගත්කමක් සහිත කටු කිතුල්, දුම්මල, වෙනිවැල්ගැට, වල් කුරුදු, වේවැල්, බට හා ආපස්ස වැල් වැනි ශාක ද වලින් ද කන්නෙලිය වන රක්ෂිතය සමන්විතය. තෙතමනය සහිත එම වනපෙතේ කූඩැල්ලන් ද නිතර දක්නට ලැබේ.
ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක විශේෂ 26 ක් ද අන්තර්ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක් වී ශාක විශේෂ 15 ක්ද අදටත් කන්නෙලියේ දී දැකගත හැකිවීම ශ්‍රී ලාංකික අපගේ වාසනාවකි.
වර්ෂ 1940 සිට 1968 දක්වා මෙම වනයේ තෝරා ගැනීම යටතේ දැව හෙලීම් සිදුකර තිබේ. එමෙන්ම වර්ෂ 1968 සිට වසර විස්සක් තුනී ලෑලි සංස්ථාව විසින් මෙම වනය බදුගෙන සිදුකරන ලද දැව හෙලීම් නිසා එහි ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි සිදු වී තිබේ. මෙම හේතුව නිසා වර්තමානයේ එම කොටසේ දැකිය හැක්කේ ද්විතීකව වර්ධනය වූ ශාක පද්ධතියකි.
මහා කබ්බල කදු වැටිය කන්නෙලියේ දී හමුවන උසම කදු වැටිය වන අතර එය තරණය කිරීම අපහසු වුව ද එහිදී දැකගත හැකි සුන්දර දර්ශනයන් බොහෝය. කදු පන්ති රාශියක සුන්දර දර්ශනයන් මෙන්ම දකුණු වෙරළ තීරය ද කදු වැටිය තරණයේ දී දැකගත හැකිය. කන්නෙලිය ගමන් මාර්ගයේ දී හමුවන තවත් එක් සුවිශෙෂී ස්ථානයක් ලෙස වවුල් ගුහාව හදුන්වාදිය හැකිය මීටර් 20 ක් පමණ දිගට විහිදී ඇති එම ගුහාව දිය සීරාවෙන් යුක්ත අතර වවුලන්ගේ පාරාදීසියකි.
කන්නෙලිය සංචාරයේ යෙදෙන සංචාරකයන්ට මදක් නතර වී වෙහෙස නිවා ගැනීමට හැකිවන පරිදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වන පෙතේ තැනින් තැන ගිමන්ගල් ඉදිකර තිබේ. ඵ්වායේ වහල සෙවිලි කිරීමට භාවිතා කර ඇත්තේ මෙරට පැරැුන්නන් වහල සෙවිලි කිරීමට භාවිතා කල බේරු පත‍්‍ර වීම විශේෂත්වයකි. අනගිමල ඇල්ලේ සිට කිලෝමීටර් 200 පමණ දුරකින් පිහිටි වන රක්ෂිතයේ හෙක්ටයාරයක පමණ  ප‍්‍රදේශයක් පුරා පැතිරී තිබෙන යෝධ පුස්වැල කන්නෙලිය වනාන්තරයේ පැරණි බව පෙන්වන තවත් එක් නිදසුනකි.
උදෙන්ද ම අවදිවී  විවිධ කුරුළු විශේෂ නැරඹීමට කැමති පාරිසරක සංචාරකයන්ට  පහසුකම් සැපයීම සදහා කුරුළු නිරීක්ෂණ කුටි කන්නෙලිය රක්ෂිතය තුල ඉදිකර ඇත. කවුඩා, කහකන් කොණ්ඩයා, කොණ්ඩයා, නිල් මැසිමාරා, අනු මැසිමාරා, පොලොස් කොට්ටෝරුවා, අළු කොබෙයියා හා හිසකළු වී කුරුල්ලා ඇතුඑ කුරුඑ විශේෂ 59 ක් කන්නෙලිය වන රක්ෂිතයේ සැරි සරති. ඉන් නීල කොබෙයියා, මල් කොහා, නීල මහගොයා, වලි කුකුලා හා කැහි බෙල්ලා මෙරටට ආවේණික පක්ෂීන් වේ.
ග්‍රේට් එග් ෆ්ලයි, කොමන් බුෂ් බ‍්‍රවුන් හා සිලෝන් ටී‍්‍ර නිම්ෆ් වැනි සමනළ විශේෂ 32 ක් ද ගෙම්බන් හා කබරගොයා වැනි උභයජීවීන් විශේෂ 14 ක් ද කන්නෙලිය වන රක්ෂිතයේ ජීවත් වේ. ලෝකයේ කුඩාම ගොළුබෙල්ලා වන රත්නදීප කරු ගොළුබෙල්ලා ඇතුඑ වෙද බෙල්ලා, කොල ගොළුබෙල්ලා හා පීනික්ස් ගොළුබෙල්ලා වැනි මොලූස්කාවන් විශේෂ 7 ක් ද කන්නෙලිය සංචාරයේ දී දැකගත හැකිය.
කළු හැකරැුල්ලා, කොමන් ග‍්‍රාස් දළඹුවා, කැලෑ මකුළුවා හා දිවි මකුළුවා ඇතුළු කෘමි විශේෂ ද රළු අං කටුස්සා, කරමල් බෝදිලිමා, පිනුම් කටුස්සා හා පලා කටුස්සා වැනි කටුසු විශේෂ ඇතුළු කුන කටුවා, ඇහැටුල්ලා, නාගයා, පලා පොලගා හා පිඔුරා වැනි උරග විශේෂ ද මෙහිදී නිතර දැකිය හැකිය. අප සමග පැමිනි එක් මගපෙන්වන්නෙක් අවට ගම්වලට පැමිණි සර්පයන් වනයට නිදහස් කිරීස සිදුකලේ එම සර්පයන් සුරතට ගෙන සියලූදෙනාට ප‍්‍රදර්ශනය කිරීමෙන් පසුවය . එය අප සැමට ඇඟකිලිපොලා යන තරමේ දර්ශනයක් විනි.
උනහපුළුවා, මීමින්නා, වල් ඌරා ඇතුළු වඳවීමේ තර්ජනයට ලක් වී ඇති කළු වදුරා, කළු දඩුලේනා හා  ඕලූ මුවා වැනි ක්ෂීරපායී සත්ව විශේෂ 10 ක් ද කන්නෙලියේ දී හමුවේ.
මෙරට සිටිනා මත්ස්‍ය විශේෂ අතරින් තුනෙන් එකක් පමණ මෙරටට ආවේණික වන අතර බුලත් හපයා, හීන මස්සා, තල් කොස්සා හා ගල් පාඩියා වැනි එම මත්ස්‍ය විශේෂ වලින් බොහොමයක් කන්නෙලියේ ඇල දොල හා ගංගාවල දැකිය හැකිය.
විවිධ වර්ගයේ බිම්මල් වර්ග, නිල් බිනර, ගොන් දිව, බෝවිටියා, උඩවැඩියා, බලූ නගුට, කූඩළු, බාදුරා හා කෙකටිය ආදී වනමල් ද වල් ¥රියන්, වල් මිදි හා ගල් බේරු ආදී ඵල වර්ග වලින් ද කන්නෙලිය පොහොසත්ය. 
වර්ෂ 1954 දී ආරම්භ වූ නුගගල ආරණ්‍යය කන්නෙලියේ පිහිටි බෞද්ධ ආශ‍්‍රමයකි. ගම්වැසියන් හා සංචාරකයන් පුද පූජා සදහා මෙහි නිතර පැමිනෙයි. වන සංචාරයෙන් පසු ගතේ වෙහෙස නිවා ගැනීමට නන්නිකිත්ත ඇලේ නාන තොටුපල කදිම ස්ථානයකි.
 කන්නෙලියට පැමිනෙන සංචාරකයන්ට අද බොහෝ පහසුකම් සපයා තිබේ. නේවාසිකාගාර, තොරතුරු මධ්‍යස්ථාන, අලෙවි සැල්, වන කෞතුකාගාර, භෝජනාගාර, දේශන ශාලා හා වැසිකිලි පහසුකම් ඵ් අතර වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සංචාරක නිවහන සංචාරකයන්ට නවාතැන් ගැනීමට කදිම ලැගුම් පොලක් වනවා සේම එය සියඑ පහසුකම් වලින් ද සමන්විතය. සංචාරක නිවහනේ සිට සඳ එලියෙන් රාත‍්‍රියට පමණක් දැකිය හැකි වනසතුන් දැක ගැනීමට හැකි වීම තවත් සුන්දර අත්දැකීමකි. දුර්ලභ සත්ව විශේෂයක් වන උනහපුළුවා එහි දී දැක ගැනීමට හැකියාව ලැබේ.
කන්නෙලිය රක්ෂිතය වටා සිටින ගම්වැසියන් තම සාමාජීය හා ආර්ථික කටයුතු සදහා වනාන්තරයෙන් ආධාර උපකාර ලබා ගනිති. කිතුල් පැණි හා කිතුල් හකුරු කර්මාන්තය සදහා අවශ්‍ය කිතුල් මැදීම, වේවැල් කර්මාන්තයට අවශ්‍ය වේවැල් ලබා ගැනීම හා දේශීය වෛද්‍ය ප‍්‍රථිකාර සදහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීම එ් අතර වේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කන්නෙලිය වනරක්ෂිතය ආරක්ෂා කරගැනීම සදහා එය අවට ගම්වැසියන් සම්බන්ධ කරගෙන වන ආරක්ෂක කමිටු පිහිටුවාගෙන තිබේ. එමෙන් රක්ෂිතයට පැමිනෙන සංචාරකයක්ට මගපෙන්වන්න ලෙස කි‍්‍ර‍්‍රයාකරන්නේ ද ගම්වැසියන්ය එම හේතු නිසා ගම්වැසියනගෙන් කන්නෙලිය වන රක්ෂිතයට වහානිය අවම වී ඇති අතර ඔවුන් එය ආරක්ෂා කරගැනීමට පෙලඹී තිබේ.
නමුත් නොහික්මුණු සංචාරකයන්ගෙන් නම් කන්නෙලිය රක්ෂිතයට හානි සිදුවෙන බව මෙම සංචාරයේ දී නිරීක්ෂණය කිරිමට හැකිවිය. බොහෝ සංචාරකයන් අමතක කර දමා ආ හිස් වතුර බෝතල් පොලිතීන් අසුරන හා නම් ලියන ලද ගස්වැල් දක්නට ලැබිනි. දිය රක්ෂිතයේ තිබෙන ඇලි වලින් නෑම සම්පූර්ණයෙන්ම තහනම් වන නමුත් සමහර දේශීය සංචාරකයන් එසේ කිරිමට පෙලඹෙන බව  මගපෙන්වන්නන්  ප‍්‍රකාශ කලේය. එමෙන්ම කටුපොල් වගාව හෙවත් ෆාම් ඔයිල් වගාව මේ වනවිට කන්නෙලිය අවට ගිලගනිමින් තිබේ.
හිරු නැගී එන මොහොතේ සිට හිරු බැස යන යාමය දක්වා කන්නෙලියේ දී දැකගත හැකි දසුන් හා ලබාගතහැකි දැනුම් සම්භාරය අතිමහත්ය. එම හේතුව නිසා කන්නෙලියේ එම අසිරිය අනාගත පරපුරට දැකගැනීමට ලැබෙන ආකාරයට එය රැුක ගැනීම ශ‍්‍රී ලාංකීය අප සැමගේ යුතුකමක් වන්නේය.
 


Comments

Popular Posts