Shivan Kovil Kochchikade – A legacy in stone
එ් මෙරට ඕලන්ද පාලන සමයයි. කතෝලික ආගම ඇඳහීම තහනම් කර නීති පනවා තිබිණි. නමුත් එම තහනම නොතකා කතෝලික ආගම ප‍්‍රචාරණයට ඉන්දියාවේ ‘කොචින් ’ ප‍්‍රදේශයේ සිට පූජකවරයෙක් මෙරටට පැමිනියේය. ආගම ප‍්‍රචාරණය තහනම් නිසා ඔහු එම කටයුතුවල යෙදුනේ රාතී‍්‍ර කාලයේය. නමුත් පසුව ඔහුගේ එම කි‍්‍රයාව ඕලන්ද පාලනාධිකාරියට සැලවීමත් සමග ඔහු ධීවරයන් අතරට ගොස් සැඟවුනේය. එහිදී ධීවරයන්ගේ ඉල්ලීම මත මුහුදු ඛාදනය නතරකර දෙන ලෙස ඉල්ලා ඔහු දින තුනක් යාඥාවේ නිරත විණි. එහි ප‍්‍රථිපලයක් ලෙස මුහුදු ඛාදනය නතර වූ බව ජනවහරේ කියවේ. එය සැලවීමත් සමග ඕලන්ද පාලනාධිකාරිය ඔහුට කරදර කිරිම නවතා කඩයක් කරගෙනයාම සදහා ඉඩමක් ලබා දුන්නේය. ‘කොචින් ’ප‍්‍රදේශයෙන් පැමිණි පුද්ගලයාගේ කඩය වූ එය ‘කොචින් කඬේ’ ලෙස හැඳින්වුනු අතර පසුව ජනවහරේ දී ‘කොච්චිකඬේ’ බවට පත් විය. ඔහුගේ කඩය පිහිටි ස්ථානයේ පසුව මෙරට ප‍්‍රධාන පුදබිමක් වන ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිවිණි.
වර්තමානයේ අතිශය ජනාකීර්ණ පෙදෙසක් වන එහි පරිසරය කලබලකාරීය. මේ අතිශය කලබලකාරී ඝෝෂාකාරී පරිසරයේම දහසක් ජනතා ප‍්‍රාර්ථනා ගොනු වූ තවත් ආගමික සංහිඳක් දැකිය හැකිය. එ් මෙරට හින්දු බැතිමතුන්ගේ ප‍්‍රධාන පුදබිමක් වන ශී‍්‍ර පොන්නම්බලම් වානේෂ්වරර් දේවාස්ථානම් නම් වූ පුදබිමයි. එය පොදු ජනතාව අතරෙහි ප‍්‍රචලිතව ඇත්තේ ‘සිවන් කෝවිල් ’ නමිනි. සිංහල දමිල දෙපිරිසම කිසිදු භේදයකින් තොරව දේවාර්ශිවාද පතා පැමිනෙන සිවන් කෝවිල වනාහි කළුගලින් නිර්මාණය කරන ලද මෙරට සුවිසල්ම කෝවිල බව කියැවේ.
මෙයට වසර 144 කට පෙර මෙරට ජීවත් වූ පොන්නම්බලම් මුදලිවරයා මෙහි ආදි නිර්මාතෘය. ඔහු පූජනීය ස්ථාන වැදපුදා ගැනීමේ අදහසින් ඉන්දියාවේ කල සංචාරය මෙහි මූලාරම්භයට හේතු වී ඇත. ශිව දෙවියන් උදෙසා කොලඹ නගරයේ කෝවිලක් තැනීමේ අදහස ඔහුගේ සිතතුල ඇතිවූයේ ඉන්දියාවේ රාමේශ්වරමේදී බව පැවසේ. ඉන්දියාවේ සිට පැමිණි ඔහු ඉන් අනතුරුව වත්මන් කෝවිල පිහිටි ස්ථානයේම වර්ෂ 1856 දී ගඩොලින් කෝවිල තැනීම ඇරඹීය. ගඩොල් බැදීමට හුනු, වැලි හා මී පැණි මිශ‍්‍ර බදාමයක් භාවිතා කෙරිනි. වර්ෂ 1857 වනවිට එහි සියළු වැඩ අවසන් කර කුම්භාභිශේකම්(කොත පැලදවීමේ* උත්සවය පවත්වා කෝවිල බැතිමතුන්ට විවෘතකර ඇත.
පොන්නම්බලම් මුදලිගෙන් පසුව ඔහුගේ ජේෂ්ඨ පුතු වන කුමාරස්වාමි මුදලි කෝවිලේ කටයුතු භාරගෙන තිබේ. ඔහුගෙන් පසුව කෝවිලේ පාලන කටයුතු ඔහුගේ සොයුරු වන පොන්නම්බලම් මුදලිගේ දෙටු පුත‍්‍රයාට භාර වී ඇත. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් හා දේශපාලඥයෙක් ලෙස මෙරට සිංහල ජනයා අතරද ගෞරවයට පාත‍්‍ර වූ ශී‍්‍රමත් පොන්නම්බලම් රාමනාදන් ය.
ශී‍්‍රමත් පොන්නම්බලම් රාමනාදන් ද තම පියා මෙන් පූජනීය ස්ථාන වැදුම් පිදුම් කිරීමේ අදහසින් ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇත. එහිදී කළුගලින් නිම වූ අලංකාර ශිව දේවස්ථාන දැකීමෙන් තම පියා ගඩොලින් නිර්මාණය කළ කෝවිල යලි කළුගලින් නිර්මාණය කිරීමට ඔහු අදහස් කලේය. එ් අනුව ඉන්දීය ශිල්පීන් මෙරටට කැඳවා වර්ෂ 1906 දී පැරණි කෝවිල වෙනුවට කළුගල් උපයෝගී කරගනිමින් වත්මන් කොවිලේ වැඩ කටයුතු ඇරඹීය. ඉදිකිරීම්වලට අවශ්‍ය වූ කළුගල් මෙරටින් ලබාගත් බව සදහන්ය. වත්මන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු වර්ෂ 1917 දී අවසන් කර කුම්භාභිශේකම් උත්සවය පවත්වා බැතිමතුන්ට විවෘත කර තිබේ.
කෝවිලට පිවිසීමට ප‍්‍රධාන ගෝපුර(තොරණ් සහිත ද්වාර* දෙකකි. කෝවිල් භූමියට පිවිසීමේ දී මුලින්ම නෙත ගැටෙන්නේ සුවිසල් බෝ රුකකි. එම බෝ සෙවණේ නුවණට අධිපති ලෙස සැලකෙන ගණදෙවි මූර්තියකි. කෝවිල් අභ්‍යන්තරයට පිවිසීමේ දී කෙලින්ම දිස් වන්නේ ප‍්‍රධාන ශිව දේව මූර්තියයි. එයින් බැතිමතාගේ මනස නිරායාසයෙන්ම ශිව දෙවියන් කෙරෙහි යොමුවී මානසික එ්කාග‍්‍රතාවය ඇතිවේ. කෝවිල ඇතුලත සම්පූර්ණ භුමිය, බිත්ති සහ වහලය නිමවා ඇත්තේ කළුගල් පතුරු වලිනි. කෝවිලේ කළුගල් බිමෙහි නෙඑම් මල් ලාංජනයකි. ක‍්‍රමයෙන් ඇතුලට පිවිසෙන විට පියගැටපෙලක් සහිත ගල් වේදිකාවක් දක්නට ලැබේ. පියගැටපෙල නැග ඉදිරියට යනවිට දක්නට ලැබෙන්නේ ප‍්‍රධාන ශිව මූර්තිය තැන්පත් කර තිබෙන විශේෂ කුටියයි. එම කුටියට ඉදිරිපසින් ශිව දෙවියන්ගේ වාහනය වන නන්දි නම් වෘෂභ රාජයාගේ ශෛලමය මූර්තියයි. එය ශිව දෙවියන් දෙස බලාසිටින අකාරයට නිමවා ඇත. එයට දකුණු පසින් ඇත්තේ ශිවලාම සෞන්දරී දේවියගේ මූර්තිය සහිත කුටියයි.
ප‍්‍රධාන දේව කුටියට වැදුම් පිදුම් කරන පුරුෂ පක්ෂය එහි දකුණු පසින් ද කාන්තා පක්ෂය වම් පසින් ද පෙල ගැසී තම භක්තිය දෙවියන්ට පුද කරයි. ප‍්‍රධාන ශිව මූර්තිය තැන්පත් කර තිබෙන කුටිය වටා ශී‍්‍ර දක්ෂිණමූර්ති, සනීශ්වර, ලිංගෝද්බව, ශී‍්‍ර බ‍්‍රහ්ම, ශී‍්‍ර දුර්ගා ආදී දේව ප‍්‍රතිමා කළුගල් වලින් නිර්මාණය කර ඇත. කෝවිල මධ්‍යයෙහි තිබෙන ප‍්‍රධාන වේදිකාවෙන් පිටත භූමිය බැතිමතුන්ට ගමන් කරමින් වන්දනාමාන කිරිමට ඉඩ තබා ඇත. දණහිසින් ඇවිදිමින් හෝ බිම පෙරලෙමින් තම වන්දනාමාන කටයුතු සිදුකරන බැතිමතුන් මෙහි සුලභ දර්ශණයකි. කෝවිල් බිත්තියයට සමීප වන අයුරින් ඉදිකර තිබෙන ගල් වේදිකාව මත කෝවිල් බිත්තිය වටා පැතිර යන අන්දමට වෙන් වෙන් වශයෙන් දේව කුටි සකස් කර ඇත. ගණදෙවි, සෝමස්කන්ධ, පංචලිංග, ශී‍්‍ර මහා විෂ්ණු, කතරගම දෙවියන්, බහිරව, නවග‍්‍රහ ආදී දේව ප‍්‍රතිමා මෙහි තැන්පත් කර තිබේ. එම මූර්ති කළුගලින් මෙන් ම ලෝහයෙන් ද නිර්මිතය.
ප‍්‍රධාන දේව මූර්තියට වන්දනා කිරීමෙන් අනතුරුව අනෙකුත් සියලූම දේව මූර්ති වෙතද ගොස් තම භක්තිය පුද කරන හින්දු බැතිමතුන් අවසානයේ යන්නේ නවග‍්‍රහ මූර්ති අසලටය. එම මූර්ති වටා නව වාරයක් ප‍්‍රදක්ෂිණා කරන ඔවුන් කෝවිලෙන් පිටව කෙලින්ම යන්නේ එ් අසල පිහිටි බෙලි ගස වෙතය. එය වටා තෙවරක් ප‍්‍රදක්ෂිණා කිරීමෙන් ඔවුන්ගේ වන්දනා කිරීම නිමවේ. බෙලි ගස ශිව දෙවියන්ගේ බැල්ම සහිත වෘක්ෂයක් බව හින්¥ බැතිමතුන්ගේ විශ්වාෂයයි. කෝවිලෙන් පිටත භූමියේ ශී‍්‍ර මාරි අම්මා, හනුමාන්, ගණපති ආදී දේවාල හා වේල් උත්සවයෙන් පසු දිය කැපීම සිදුකරන පොකුණ පිහිටා ඇත. එයට අමතරව එළදෙනුන්ගේ වාසය සදහා තැනූ තවත් ගොඩනැගිල්ලක් ද මෙහි දැකිය හැකිය. කෝවිලේ ප‍්‍රධාන දේව මූර්ති ස්නානය කරවීමට පිටතින් කිරි නොගන්නා අතර කෝවිල සතු දෙනුන්ගේ කිරි පමණක් භාවිතා කරයි.
කෝවිල ඇතුලත ගල්කනු දෙසීයක් පමණ දක්නට ලැබේ. එ්වා මල්, ලිය වැල් ඇත්, අස්, ගව, සිංහ, නාග ආදි කැටයමින් අලංකෘතය. කෝවිලට ඇතුල්වන ස්ථානයේ පිහිටි ගල් කනුවක් මත සුවිශේෂී කැටයමක් ලෙස මෙහි නිර්මාතෘ වන ශී‍්‍රමත් පොන්නම්බලම් රාමනාදන් හා එම මහත්මියගේ මුහුණු කැටයම් කර ඇත.
කෝවිලේ දිනකට දේව පූජා හයක් පැවැත්වේ. ප‍්‍රධාන පූජා වලට පසු බැතිමතුන්ගේ අවශ්‍යතාවය සදහා පෞද්ගලික වශයෙන්ද පූජා පවත්වනු ලැබේ. අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා හා සෙනසුරාදා යන දිනයන්හි විශේෂ පූජා පැවැත්වේ. දෙවියන් වෙත කරන පූජාවන්ට මල් මාලා, සුවඳ කපුරු, පොල් මෙන්ම සියඔලා සහිත බත්, දෙහි සහිත බත්, මී කිරි බත්, එලඟිතෙල් බත්, කැවිලි වර්ග හා උළුදු වඬේ වැනි ආහාර තබනු ලැබේ.
කෝවිලේ ප‍්‍රධාන උත්සවය වන වේල් උත්සවය මාර්තු මාසයේ දී පැවැත්වේ. එයට අමතරව හින්දු ආගමට සම්බන්ධ අනෙකුත් වැදගත් උත්සව වන මහා ශීව රාතී‍්‍ර උත්සවය, නව රාතී‍්‍ර උත්සවය හා හින්දු අඑත් අවුරුදු උත්සවය වැනි උත්සව ද මෙහි පැවැත්වේ.
කොලොම්පුරේ පිහිටි සිවන් කෝවිල වනාහී වරක්ගොස් දැකබලාගත යුතු ආගමික සිසිලස ගලන තවත් එක් අපූර්ව ස්ථානයකි.
Comments
Post a Comment