Patriotism
දේශපේ‍්‍රමය පමණක් සතුව නවීන අධි තාක්ෂණික පහසුකම් සහිත ශරීරයෙන් විශාල අමෙරිකානු හමුදාවට එරෙහිව ශරීරයෙන් කුඩා වියට්නාම ජාතිකයන් උමං තුල සිට ගෙනගිය විජයග‍්‍රාහී විමුක්ති සටන දෑසට කදුඑ නංවන තරම් සංවේදී ලෙස එහි සටහන්ව තිබේ. යුධ නීති තුට්ටුවකට මායිම් නොකරමින් මානව හිමිකම් බල්ලට දමමින් මයිලායි සමූල ඝාතනය වැනි ඝාතනයන් සිදු කරමින් බෙන්සුක් වැනි සමෘද්ධිමත් ගම්මාන බිමට සමතලා කරමින් ගෙනගිය අමානුෂික සංහාරයට විරුද්ධව වියට්නාම ගොවි ගෙවිලියන්ට තිබූ එකම අවිය වූයේ දේශපේ‍්‍රමය පමණි. ඔවුන්ට යුද්ධ කරන්නට අවි තිබුනේ නැත. බෙහෙත් අහාර ද්‍රව්‍ය සංචිත තිබුනේ නැත. නවීන යුද්ධ ටැංකි වලට එරෙහිව තිබුනේ පා පැදිය පමණි. වෙනකක් තබා යුධ ශිල්පය කියා දෙන්නට කෙනෙක් සිටියේද නැත. තිබුනේ තමා උපන් දේශය රැුක ගැනීමේ එකම අරමුණ පමණි. තමන්ට සතුන්ට මෙන් සලකා හිංසා කරන ජාතියකට ඔවුන් උත්තර දුන්නේ ඌරාගේ මස් උගේ ඇගේ තබා කපනා න්‍යායටය. ඔවුන් බිම් බෝමබ සාදා ගත්තේ ඇමෙරිකානු හමුදාව ඉවත දමන කෑම ටින් උපයෝගී කරගෙනය. භාවිතා කරන ලද උණ්ඩ’ වෙඩි බෙහෙත් හා ඖෂධ ඇමෙරිකානු හමුදා කඳවුරු වලින් හොර ගන්නා ලද එ්වාය.
‘මා මරාදමන ඔබේ එක් අයෙකු වෙනුවෙන් ඔබට මගේ මිනිසුන් දහදෙනෙකු මරා දමන්නට හැකිය. තත්වය එසේ වුවද ඔබ පරාජය වනු ඇත. මා ජයග‍්‍රහණය කරනු ඇත’. වියට්නාමයේ අසහාය නායක හෝ චි මින් තම රටට එරෙහි සතුරන්ට අනතුරු ඇඟවූයේ එසේය.
යුධ ඡුායාරූපකරණය පිළිබද හොදම උදාහරණ ඇත්තේ වියට්නාම යුද්ධය සතුවය. වර්ෂ 1963 ජූනි මස 11 වනදා වියට්නාමයට එරෙහි යුද්ධය නතර කරන ලෙස අමෙරිකාවට දන්වමින් වියට්නාම ජාතික මහායාන භික්ෂුවක් වන ‘තායි ඔන්ග් ඩොක්’’ හිමියන් තම ශරීරයට ගිනි තබා ගනිමින් ජීවිත පූජාවක් සිදු කළහ. එම අවස්ථාවේ දී මාධ්‍යවේදී මැල්කම් බ‍්‍රවුන් විසින් ගන්නා ලද ජායාරූපය මුළු ලොවම සසල කරන්නට සමත් විය. වියට්නාම යුද්ධයට එරෙහි හඬ මුළු ලොවෙන්ම මෙන්ම අමෙරිකාවෙන් ද මතු විය.
වර්තමානයේ වියට්නාමයේ සංචාරක ආකරෂණය වැඩියෙන්ම දිනාගන්නා ස්ථානය කූචි වල පිහිටි මෙම උමංය. ඔවුන් තම දේශපේ‍්‍රමයේ මං සළකුණු සංචාරකයන්ට පෙන්වන්නේ ආඩම්බරයෙනි.
වියට්නාම උමං සටන කෘතියෙන් උපුටාගත් කොටසකින් මෙම සටහන නිමා කිරීමට කැමැත්තෙමි. වියට්නාම ජාතියේ ජයග‍්‍රහණයේ රහස කුමක්ද යනු ඉන් පැහැදිලි වනු ඇත.
උපුටා ගැනීම
වියට් කොංවරුන්ගේ චිත්ත ධෛර්යය සහ කැපවීම ඔවුන්ගේ මුල් ප‍්‍රතිවාදීන් දිගටම පුදුමයට පත් කළේය. එබදු දරුණු තත්වයන්ට සහ නුහුරු දෙයට එරෙහිව ඔවුන් එ් තරම් හොදින් සටන් කළේ කෙසේද? එ් තරම් විශාල තුවාල කරුවන් පිරිසක් සහ මරණ සංඛ්‍යාවක් කොමිනිස්ට්වරුන් දරාගත්තේ කෙසේද? එ් තරම් සිය දිවි නසා ගන්නා සුලූ එඩිතරකමකින් එබදු මෙහෙයුම් ඔවුන් සිදුකළේ කෙසේද? කෙටියෙන් කියතොත් එබදු පසුගාමී ජාතියක් විසින් ලොව විශිෂ්ටතම සුපිරි යුද බලය පරාජය කලේ කෙසේද? එ් සුපිරි බලයට තිබූ යුද්ධය දිගටම පවත්වාගෙන යෑමේ වුවමනාව බිද දමන්නට ඔවුන්ට හැකිවූයේ කෙසේද? ඉහල මට්ටමේ දේශපාලන විචක්ෂණශීලී බව එක පිළිතුරකි. එහෙත් යුධ බිමේදී එය කොමියුනිස්ට් කාඩර්වරුන්ගේ සංවිධානාත්මක බවේ හා අභිපේ‍්‍රරණයේ ජයග‍්‍රහණයකි. අනෙක් කාරණය වූයේ වියට්නාම තරුණයන් තමන්ට උගැන්වූ දෙයට ගරු කිරීමය.
වියට්නාමය තුළ තමන් සටන් කරන්නේ කුමක් සදහා ද යන්න පිළිබදව බොහෝ අමෙරිකානු භටයන්ට තිබුණේ දළ අදහසකි. එහෙත් ගරිල්ලන්ගේ පැත්තෙන් ඔවුන්ට අය කර ගතයුතු ලේ ණයක් තිබිණි. එ් බෝම්බ දමා විනාශ කළ ගම්මාන මරා දැමූ ඥාතීන් අත්අඩංගුවට ගත් හා වදහිංසාවලට භාජනය කළ ඥාතීන් වෙනුවෙන් වූ ලේ ණයක් විය.
එ්වා සිදුකළේ අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය හා යුධ ආධාර ලබන අමෙරිකානු රූකඩ ආණ්ඩුවක් විසිනි.
වියට් කොංවරුන් සටන් කළේ තමන්ගේ බිම මතය. එ් භූමියට තමන් තදින් බැදී සිටින බවක් ඔවුනට හැගිණි. තම මාතෘ භූමියේ පාරම්පරික ගොවිබිම් සහ ගම්මාන සහිත පොළොව යට තැනූ උමං ජාලය ඔවුනට ආරක්ෂාව සැපයීය. ‘දයාබර මෑණියෙනි ඔබේ බඩවැල්වල ගැඔුර දකින්නට නොහැකිය’ ඩුඔං ලූඔං ලයි කවියා ලිව්වේය.
උපුටා ගැනීම අවසන්
Comments
Post a Comment