Clean Lanka

බුදුන් වහන්සේ ප‍්‍රමුඛ මහ සඟරුවන සිය ඇඟලූම වන සිවුර පිළිබඳව එකඟ වූ රීති මාලාවක් තිබේ. එ් අනුව සිවුර භාවිතා කර දිරා ගිය පසු එය අඳනකඩය ලෙසට ද ඉන්පසු එය නානකඩය ලෙසට ද එසේත් භාවිතයට ගත නොහැකි වූ විට බිම එලා නිදා ගැනීමට ද එ් සඳහාත් භාවිතා කිරීමට නොහැකි වූ කල පාපිස්ස ලෙසට ද අවසානයේ දී  මැටි සමඟ අනා බිත්ති බැඳීමට ද යොදාගත යුතු වේ.
බුදු දහමින් පෝෂණය වූ අපගේ සමාජයත් නාස්තියත් අපතේ හැරීමත් පිටු දැකිය යුතුබව මින් පැහැදිලිවේ. නමුත් මහා මාර්ගය දෙපස බැලූවහොත් ඉවත දමා තිබෙන අහාර ද්‍රව්‍ය ප‍්‍රමාණය කොපමණදැයි යන්න බලාගත හැකිය. එම අපතේ යන ප‍්‍රමාණයට සාපේක්ෂව මෙරටේ බොහෝදෙනෙකුගේ කුස් පිරෙන්නේ ද නැත.
සමස්තයක් ලෙස ලෝකයේ සෑම හත්දෙනෙකුගෙන් එක් අයෙකුම නින්දට යන්නේ කුසට අහරක් නොමැතිවය. ලෝකයපුරා වයස අවුරුදු පහට අඩු ළමුන් විසිදාහක් බඩගින්න නිසා දිනපතා මියයන බව වාර්තාවේ. එවන් ශෝචනීය තත්වයක් යටතේ අප ඉවතලන අහාර ප‍්‍රමාණය කෙතරම්ද?
බිලයන හතක් වන ලෝක ජනගහනය සඳහා අවශ්‍යවන ආහාර ලබාදීමට දරන උත්සාහය ඇතුළත වුවද අහාර නාස්තියක් සිදුවේ. එනම් ලෝක අහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකක් අපතේ යාමට හෝ විනාශ වීමට භාජනය වන බව ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි.
ළෝක ආහාර  නිෂ්පාදන කි‍්‍රයාවලිය සැලකීමේ දී ප‍්‍රසිද්ධ මතය නම් ළෝක ජනගහනයට ප‍්‍රමාණවත් තරමේ අහාර නිෂ්පාදනයක් සිදුනොවන බවය. නමුත් විද්‍යානුකූලව තහවුරු කරගත් සත්‍යතාවය නම් ලෝක ජනගහනයටත්  වැඩියෙන් ආහාර නිෂ්පාදනයක් සිදුකරන අතර විවිධ හේතු මත එම ආහාර විනාශ වීම හෝ විනාශ කිරීම සිදුවන බවය.
අප එදිනෙදා ඉවත දමන්නේ කුඩා ආහාර ප‍්‍රමාණයක් විය හැකිය. එයින් වැඩි බලපෑමක් නොවන්නේ යයිද සිතමු. නමුත් සත්‍යය එය නොවේ. එම ආහාර නිෂ්පාදනයට පරිසරයට ගෙවීමට සිදුවී තිබෙන මිල ඉතා ඉහලය. ආහාර ඉවත දැමිමේ දී අපතේ යන්නේ එම ආහාර ද්‍රව්‍ය පමණක් නොවේ. එම ආහාර නිපදවීමට යොදාගත් පරිසර සහ භෞතික සම්පත් ද එ් සමඟින් අපතේ යයි. තවද  පරිසරයට වැඩි වැඩියෙන් කුණුකසළ එකතුවේ. එමගින් වායුගෝලීය උෂ්ණත්වය ඉහලයාමට හේතුවන හරිතාගාර වායුන් නිපදවිම නිසා  දේශගුණික විපර්යාසයන්ට මුහුණ පැමට සිදුවේ.
  • මෙම හේතූන් නිසා මින්පසුව ආහාර ගැනීමට, මිලදී ගැනිමට, සකස් කිරීමට සහ ඉවත දැමිමට ප‍්‍රථම දෙවරක් සිතා බලන්න. පහත සඳහන් කි‍්‍රයාකාරකම් කිහිපයක් හෝ එ් සඳහා උපයෝගී කරගන්න උත්සාහ කරන්න.   සෑමවිටම ස්වාභාවිකව නිෂ්පාදනය කළ දේශීය ආහාර වර්ග මිලදී ගන්න.
  •     හැකි පමණින් ගෙවත්තෙහි කාබනික අහාර වගාවක් ආරම්භ කරන්න. ඉන් ලැබෙන අස්වැන්න ඔබට නීරෝගීබව සේම දීර්ඝායුෂ ද ගෙනදෙයි.
  •    කොම්පෝස්ට් බඳුනක් ගෙවත්තෙහි සකසා ගන්න. කෙසේවත් භාවිතයට ගතනොහැකි ආහාර කොටස් ඊට එක් කිරීමෙන් ගෙවතු වගාවට අවශ්‍ය පොහොර නිපදවා ගතහැක.
  •    බොහෝ ආහාර මුළුතැන්ගෙයි ඇතිවිට එ්වා ඔබේ ප‍්‍රයෝජනයට ගැනිමට පෙර නරක් විමට ඉඩ ඇත. එමනිසා පරිත්‍යාගශීලී වන්න. ඉක්මනින් නරක්වන සහ කල්තබා ගතනොහැකි ආහාර ද්‍රව්‍ය අනෙක් අයට ලබා දෙන්න.
  •     ශීතකරණයට බිය නොවන්න. ශීතකළ ආහාර  පිළිබඳව අනියත බිය සියලූදෙනා තුල ඇත. එහෙත් නැවුම් ආහාර කල්තබා ගැනීම සඳහාත් ඉතිරිවන ආහාර නැවත ප‍්‍රයෝජනයට ගැනීම සඳහාත් ගැටලූවකින් තොරව ශීතකරණය භාවිතා කළහැක.
  •    ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළඳසලට යාමට පෙර නිවසේ අවශ්‍යතා අනුව ඔබගේ මුදල් තත්වය ද සමගින් මිලදී ගන්නා ද්‍රව්‍ය සහ ප‍්‍රමාණය සැලසුම් කර සටහන් කරගන්න. බඩු මිලට ගැනීමේදී එම සටහන භාවිතා කරන්න. එවිට පවුලේ සාමාජිකයන් පරිභෝජනය කරන ප‍්‍රමාණයට ගැලපෙන ලෙස ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට හැකිවනු ඇත.
  •    ඔබ ආහාර අපතේ නොහැරීමෙන් ඉතිරිවන මුදල ගණනය කරන්න. එමඟින් ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යවලින් කසළ බඳුන වෙත යවන ප‍්‍රමාණය ඉතිරි කරගැනිමට හැකිවනු ඇත.
  •     ඔබට අවශ්‍ය ආකාරයට සමහර ආහාර  ද්‍රව්‍ය ඇසුරුම්  ලෙස මිලදී ගන්න. කල්තබා ගතහැකි ආහාර ද්‍රව්‍යය ද අනවශ්‍ය ලෙස මිලදි ගැනීමෙන් වලකින්න.
  •    මාංශමය ආහාරවලින් ඉවත්ව නිර්මාංශ ආහාර වේලක්  අඩුම වසයෙන් රාතී‍්‍ර ආහාරය සඳහාවත් ගන්න.
  •    පිටතින් නිවසට පිසූ ආහාර රැුගෙන එනවිට ඔබට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය පමණක් මිලදී රැුගෙන එන්න.
  •    ආහාර ගැනීමට ආපන ශාලාවකට ගියවිට පළමුව කුඩා ආහාර ප‍්‍රමාණයක් ඇනවුම් කරන්න. අපතේ හරිනවාට වඩා අවශ්‍යනම් පසුව ඇනවුම් කර ලබාගැනිම වඩා හිතකරය.
  •     ඉතිරි වු ආහාරවලට ඇලූම් කරන්න. ඔබගේ ඉතිරි ආහාර පාර්සල්කර හෝ පෙට්ටියකට දමා හෝ දෙන ලෙස ආහාරගත් ආපනශාලාවෙන් ඉල්ලා සිටින්න.
  •     ඉතිරි ආහාර යොදා ගනිමින් අලූත් ආහාර වට්ටෝරු නිර්මාණය කරන්න. පුවත්පත්, අන්තර්ජාලය සහ පොත්පත් ආශ‍්‍රයෙන්  ආහාර කල්තබා ගන්නා ක‍්‍රම සහ ඉතිරි ආහාර භාවිතාකර සාදාගත හැකි නව ආහාර වර්ග පිළිබඳව දැනුවත් වන්න.

(ඔක්තොම්බර් 16 වනදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ‘ලෝක ආහාර දිනය’ වෙනුවෙනි.)




Comments

Popular Posts