Abraham Lincoln letter to his son's teacher

ලින්කන් තම පුතුගේ ගුරුවරයා වෙත යැවූ ලිපිය
සෑම මිනිසෙකු ම සාධාරණ නොවන බවද
සෑම මිනිසෙකු ම සත්‍යවාදී නොවන බවද
මගේ පුතු උගතයුතු බව දනිමි
එසේ වුවද ඔහු මෙසේ ද දැනුවත් කරන්න
සෑම නොසන්ඩාල පුද්ගලයෙකුටම වික‍්‍රමාන්විත පුද්ගලයකු බැගින් ද
සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකුටම දැයට කැපවූ නායකයෙකු බැගින් ද
සෑම සතුරෙකුටම හොඳ මිතුරෙකු බැගින්ද සිටින බව පහදා දෙන්න
ඔබට හැකියාවක් ඇත්නම්
ඔහු ඊර්ෂ්‍යාවෙන් බැහැර මගකට යොමු කරවන්න
නිහඬ සිනාවක රහස වටහා දෙන්න
පහසුවෙන් මෙල්ලකල හැක්කේ කරදරකාරයින් බව බාල වියේදීම වටහාගන්න සලස්වන්න
ඔබට හැකියාවක් ඇත්නම්
පොතක ඇති මහිමය පහදා දෙන්න
අහසේ පියාඹන පක්ෂියා තුල සැඟව ඇති සදාතනික අභිරහස කරා මනස යොමු කිරීමට ද
හිරු එළියේ ගැවසෙන මී මැස්සන්
හරිත වර්ණ කඳු බෑවුමක පිපෙන පුෂ්පයන් කරා මනස යොමු කිරීමට ද
නිසල විවේකයක් ලබාදෙන්න
වංචා කිරීමට වඩා විභාගයෙන් අසමර්ථවීම නම්බුකාර බව
ඔහුට පාසලේදිම උගන්වන්න
අසා සිටින අය කොතරම් විරුද්ධ මත පල කලද තමා දරන මත තම විශ්වාෂය තැබිය යුතු බව එ්ත්තු ගන්වන්න
සාධාරණ අහිංසක පුද්ගලයින් සමඟ අහිංසක විමටත්
රළු පරුෂ පුද්ගලයින් සමඟ රළු පරුෂ වීමටත් උගන්වන්න
ගලායන ජන රැුල්ලට ජනතාව එක් වුවද
එ් ජන රැුල්ල පසුපස නොයන්නට මගේ පුතුට ශක්තිය දෙන්න
මිනිසුනගේ වදන්වලට සවන් දුන්නද එ් ඇසෙන වදන් සත්‍යය නැමැති පෙරණයෙන් පෙරා අනවශ්‍ය දේ ඉවත්කර අවශ්‍ය දේ පමණක් භාවිතයට ගන්නාලෙසට අවවාද කරන්න
ඔබට හැකියාවක් ඇත්නම්
දුකේ දී සිනහසීමත් විපතේදී කදුළු සැලීමත් ලැජ්ජාවක් නොවන බව වටහා දෙන්න
සෑමදෙයකම  වරද දකින පුද්ගලයින්ගේ මත ඉවත දැමීමටත්
මී පැණියෙන්  වදන් රසවත් කරන්නන් පිළිබඳව විමසිලිමත් වීමටත් අවවාද කරන්න
ඔහුගේ ශක්තියක් බුද්ධියත් වැඩිම ඉල්ලූම්කරුට විකිනීමට උගන්වන්න
එහෙත් කිසිම දිනෙක ඔහුගේ හදවතත් ආත්මයත් මිල නොකරන ලෙසට අවවාද කරන්න
කෑකෝ ගසන අසංවර පිරිසක් කරා දෙසවන් යොමු නොකිරීමටත්
යමක සත්‍යබව දකින්නේ නම් එ් අරඹයා සටන් වැඳීමටත් උගන්වන්න
ඔහු කෙරෙහි කරුණාව දක්වන්න එහෙත් සුරතල් නොකරන්න මක්නිසාද යත්
ගින්දර සැරවූ තරමටයි වානේවල අගය වැඩිවෙන්නේ
ඉවසිලමත් වීමට ඔහුට දිරිය ලැබේවා
නිර්භය වීමට ඉවසිම ලැබේවා
තමා කෙරෙහි උපරිම විශ්වාෂයක් තබා ගැනීමට උගන්වන්න
එවිට ඔහු මනුෂ්‍යත්වය කෙරෙහි අපරිමිත විශ්වාෂයක් තබනු ඇත
මේවා ඉතා බැ?රැුම් නියෝග බව දනිමි
එහෙත් ඔබට කලහැකි සියලූ දේ කිරීමට උත්සාහ ගන්න
මගේ පුතා ඉතා සුන්දර දරුවෙක්
Abraham Lincoln’s Letter to his
Son’s Headmaster
He will have to learn, I know, that all men are not just,
all men are not true, but teach him also that for every
scoundrel there is a hero; that for every selfish
politician, there is a dedicated leader... Teach him that
for every enemy there is a friend.
It will take time, I know, but teach him, if you can, that
a dollar earned is of far more value than five
found...Teach him to learn to lose...and also to enjoy
winning. Steer him away from envy, if you can, teach
him the secret of quiet laughter. Let him learn early that
the bullies are the easiest to lick...Teach him, if you can, the wonder of a
book...but also give him quiet time to ponder the eternal mystery of birds in the
sky, bees in the sun, and flowers on a green hillside.
In school, teach him it is far more honorable to fail than to cheat...Teach him to
have faith in his own ideas, even if everyone tells him they are wrong...Teach
him to be gentle with gentle people, and tough with the tough. Try to give my
son the strength not to follow the crowd when everyone is getting on the
bandwagon...Teach him to listen to all men...but teach him also to filter all he
hears on a screen of truth, and take only the good that comes through.
Teach him, if you can, how to laugh when he is sad...Teach him there is no shame
in tears. Teach him to scoff at cynics and to beware of too much
sweetness...Teach him to sell his brawn and brain to the highest bidders, but
never to put a price tag on his heart and soul. Teach him to close his ears to a
howling mob...and to stand and fight if he thinks he is right.
Treat him gently, but do not coddle him, because only the test of fire makes fine
steel. Let him have the courage to be impatient...let him have the patience to be
brave. Teach him always to have sublime faith in himself, because then he will
always have sublime faith in mankind.
This is a big order, but see what you can do...He is such a fine little fellow, my
son!

Comments

Popular Posts