Every calm in the soup has a soul
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර කේන්ද්‍ර කරගනිමින් සිදුකරන හිංසාකාරී නීති විරෝධී කුරුඑ ජාවාරම එම චිත්‍රපටයේ කථා තේමාව වේ. වනාන්තර වලින් හොරෙන් අල්ලා ගන්නා කුරුල්ලන් ඉතා හිංසාකාරී ලෙස කුඩා කූඩු තුල දමා සැහැල්ලූ ගුවන් යානා මගින් වෙනත් රටවලට නීති විරෝධී ලෙස වෙළදාම් කරන ජාවාරම්කරුවන් පිලිබදව එම චිත්‍රපටය මගින් පෙන්වා දෙනු ලබයි.
ශී‍්‍ර ලංකාවේ කොලඔ නගරය ආශි‍්‍රත සමහර ජනාකීරණ ප්‍රදේශ වලදී සිදුකරන ?න ගිරවුන් වී කුරුල්ලන් වෙළදාම දකින සංවේදී පේ්රක්ෂකයාට රියෝ චිත්‍රපටයේ සමහර දර්ශන මතකයට එ්ම වැලැක්වීමට නොහැකිය. මෙරට වනාන්තර වලින් අල්ලා ගන්නා ගිරවුන් කුඩා කූඩුවල හිර කර තිබෙන්නේ ඉතාම හිංසාකාරී ලෙසය. එම කුඩා ඉඩෙහි එම සතෙකුට පියාපත් දිගහැරිමට තබා හැරෙන්නටවත් හැකියාවක් නොමැත.
කැලයෙන් අල්ලාගෙන කූඩු කල පසු එම ගිරවුන් එක පොදියට ගුලි ගැසී කූඩුවෙන් පිටත බලා ඉන්නා ආකාරය ශෝචනීය දර්ශනයකි. එම සතුන් වෙළදාම් කරන සමහර පුද්ගලයන් නිසි පරිදි එම ගිරවුන්ට කෑමට යමක්වත් ලබා නොදේ. සමහර අවස්ථාවලදී ගිරවුන් පැටවුන් රැුක බලා ගන්නා කාලයේ දී මෙම ජවාරම්කරුවන් ඔවුන්ව තම දැල් වලට හසුකර ගනු ලබයි. එවිට හරිහැටි පිහාටුවත් නොවැඩුන එම කුඩා ගිරා පැටවුන් තම දෙමාපියන්ගේ නිසි රැුකවරණයක් නොමැතිව අසරණ ලෙස වෙළදාමට තබා තිබෙන කුඩා කූඩු තුල කිටිකිටයේ හිර වී සිටින ආකාරය සංවේදී හිතකට නම් දරාගත නොහැකිය.
එම කූඩු තුල වාතාශ්‍රය නියමිත අවශ්‍ය ආකාරයට නොමැත. එම ගිරා පැටවුන්ගේ පිහාටු නියමිත පරිදි වර්ධනයවී ද නොමැත. එවුනට තනියම ආහාර ගැනීමට ද නොහැක. පරිසරය වෙනස්වීම ඇතිවන කම්පනය නිසා මව්පියන් ඔවුන්ව පෝෂණය කරන්නේ ද නොමැත. අවසාන ප්‍රථිපලය වන්නේ මෙම අහිංසක කුඩා පැටවුන් අහාර නොමැතිව අකාලයේ මිය යාමයි.
එමෙන්ම ?න ගිරවුන් දැල් යොදා ඇල්ලීමේ දී සිදුවන අනතුරු නිසා යම් කොටසක් මිය යයි තවත් පිරිසක් අබාධිත තත්වයට පත් වේ. එලෙස අනතුරු වලට ලක්වී ආබාධිත වන කුරුල්ලන් රැුගෙන විත් වෙළදාම් කල නොහැකි නිසා එම සතුන් ද අත්හැර දැමීම සිදුකරයි. එවිට අබාධිත තත්වය නිසා හෝ වෙනත් සතුන්ට ගොදුරු විම නිසා එම කුරුල්ලන් ද මරණයට පත් වේ.
මෙලෙස එම කුරුල්ලන් අකාලයේ මරණයට පත්වන්නේ හෝ සිරකාරයන් වී දුක් විදින්නේ ඔවුන්ගේ පාපයකට නොවේ. මිනිසුන් වන අප කල හෝ කරනා පව් ගෙවා දැමීම සදහා අපගේ භාර හාර වලට නිදහස් වීමටය. බොහෝ ආගම් ශාස්තෘවරුන් සත්ව හිංසාවෙන් වැලකෙන ලෙස අනුශාසනා කල ද අදටත් අප බොහෝදෙනා සිදුකරන්නේ ආගමේ නාමයෙන් සත්ව හිංසාවට අනුබලදීම නොවේද?
පාරිභෝගික ඉල්ලූමක් නොමැති නම් එලෙස කුරුල්ලන් අල්ලා ආර්ථික භාණ්ඩයක් බවට පත් කිරීමට කිසිවෙකුටත් අවශ්‍ය නොවනු ඇත. භාර හාර වලට නිදහස් කිරිම නැමැති කි‍්‍රයාව මගින් සත්ව හිංසාව නීත්‍යානුකූල කිරිමට ඉඩ ලබා දී ඇත්තේ අපිම නොවේද? එලෙස එම සතුන් හිංසාවට පත් කිරීමේ හේතුව බවට පත්වී එම සතුන් නිදහස් කිරීමෙන් ලැබෙනා පින කුමක් ද? නිදහස් කිරීමට සතුන් අල්ලා සිර කරන ලෙස කිසිදු ආගමක උපදෙස් ලබා දී නොමැත. සිරකල සතෙක් සිටී නම් එම සතා නිදහස් කිරිම පිනක් වන බව පමණක් සඳහන් වේ. එනිසා මෙය සත්ව බිලි පූජාවකට දෙවෙනි නොවේ.
භාර හාර වලට යයි පවසමින් එලෙස ?න ගිරවුන් වී කුරුල්ලන් නිදහස් කිරිම නිසා පරිසර සමතුලිතතාවය බිදී මේ වන විට එය පරිසර ගැටඑවක් බවට ද පත් වී තිබෙන බව පරිසරවේදීන් පවසයි. ?න ගිරවුන් වී කුරුල්ලන් අඑත් ප්‍රදේශයකට මුදා හැරිය විට ඔවුන් එහි ස්ථාපනය වීම සිදුවේ. මෙම හේතුව නිසා වියලි කලාපයේ පමණක් ස්වභාවිකව ජීවත් වන ?න ගිරවුන් හා වී කුරුල්ලන් මේ වන විට තෙත් කලාපයට හා කදුකරයට ද ව්‍යාප්ත වී තිබේ. එමගින් වගාවට හානි කරන පක්ෂියෙක් තවත් ප්‍රදේශයකට හදුන්වා දීම සිදුවී ඇත.
අඑ ගිරවා, පනු ගිරවා, මාල ගිරවා හෙවත් ලබු ගිරවා සැළළිහිණියා හා පලා කොට්ටෝරුවා හෙවත් පොලොස් කොට්ටෝරුවා ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂි විශේෂ වේ. මෙම විශේෂවල කැදලි වලට ?න ගිරවුන් විශාල වශයෙන් හානි කරනු ලබයි. අතීතයේ දී මහනුවර වැව ආශි‍්‍රත ප්‍රදේශයේ මෙරටට ආවේණි සියඑම ගිරවුන් වර්ග දක්නට ලැබුන ද භාර වලට ?න ගිරවුන් නිදහස් කිරීම නිසා අද වන විට එහි දක්නට ලැබෙන්නේ ?න ගිරවුන් පමණි.
වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත නොවන කුරුල්ලන් ලෙස කපුටු වර්ග දෙක පුල්ලි වී කුරුල්ලා පිට සුදු වී කුරුල්ලා හා ?න ගිරවා ගිරවා නම් කර ඇත. එලෙස එම සතුන් නම් කර ඇත්තේ ඔවුන්ගෙන් ගොවීන්ට වන හානිය සැලකිල්ලට ගනිමිනි. එලෙස නම් කලද එම සතුන්ට ඔීනෑම දෙයක් සිදුකල නොහැක. ඔවුන් ආරක්ෂා කර ගැනීමට ද ක්‍රම ඇත. එනම් මෙම කුරුල්ලන් ඇල්ලීමට හෝ ලග තබා ගැනීමට වනජීවී දෙපාර්මේනතුවෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. වර්ෂ 1993 සිට එ් සදහා බලපත්‍ර නිතුක් කර නොමැත. මෙම හේතුව නිසා ?න ගිරවුන් රදවාගෙන තිබෙන ස්ථාන වැටලීමේ හැකියාව වනජීවී දෙපාර්මේන්තුවට හා පොලීසියට තිබේ. සත්ව හිංසා ආඥා පනත හා වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යන පනත් දෙකම යටතේ වරෙන්තුවක් නැතිව පොලීසියට ඔවුන්ව අත්අඩංගුවට ගත හැකිය.
සිනමා ලෝකයේ නම් පීඩිතයන් වෙනුවෙන් නැගී සිටීමට වීරයන් සිටිති. සුප් එකේ සිටින බෙල්ලාට ද ආත්මයක් තිබෙන බව ජනපි‍්‍රය ඉංගී්රසි ගීතයක කියවේ. එම නිසා ආගමේ නාමයෙන් අප සිදුකරන සත්ව හිංසාව නැවැත්විමට මේ හොදම කාලය නොවේද?
Comments
Post a Comment