If they breed you will bleed
(උපුටා ගැනීම)
මදුරුවන් නීති පිඨය ආක්‍රමණය කරලා - හතක් රෝහලේ එක් අයෙකුට බරපතලයි
කොළඹ නීති පීඨයේ සිසුන් හය දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳීම නිසා රෝහල් ගත කිරීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ඉන් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසෙනවා
ඔවුන් සිටි නේවාසිකාගාරය ආසන්නයේ තිබූ ඉවතලන ලද ටයරයක බෝවී සිටි ඩෙංගු මදුරුවන් නිසා මෙම සිසුන් රෝගීවී ඇති බව කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ගෙන තිබෙනවා
(උපුටා ගැනීම අවසන්)
හොදින් සිතා බලන්න මෙම තත්වයට වගකිවයුත්තා අපම නොවේද? තැඔිලි ගෙඩිය බී එහි කෝම්බය පාරෙ අයිනට විසි කරන, හිස් යෝගට් කෝප්පය අස්වැසි ඉඩමට විසි කරන, තමන්ගේ කුණු ටික සිලි බෑග් එකක දමා හිස් ඉඩමකට දමා යන අප සියඑදෙනා මෙයට වැරදිකරුවන් නොවන්නේ ද?
තමන්ගේ නිවස සහිත පරිසරය පමණක් පිරිසිදුව තිබුනහොත් තම පවුල ඩෙංගු මාරයාගෙන් සුරක්ෂිත බව බොහෝදෙනා සිතති. ඔවුන්ගේ පුරවැසි යුතුකම එතනින් හමාරය. තමන්ගේ දරුවා ඉගෙන ගැනීමට යන පාසල, තම රැුකියා ස්ථානය හෝ නිවස අවට පරිසරයෙහි ඩෙංගු තවාන් තිබුනත් කමක් නැත. තමන්ගේ පවුලේ අයෙකුට ඩෙංගු වැලදෙන තෙක් රටේ ම මිනිසුන් ඩෙංගු වැලදී මිය ගියාට ප්‍රශ්නයක් නැත.
තවත් පිරිසකට තම නිවස අවට පරිසරයවත් පිරිසිදුව තබා ගැනීමට අවශ්‍ය නැත. ඔවුන් එය සිදුකරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වත්ත පිටිය පිරික්සා දඩ ගසනාවාට බයටය. එය ද සිදුකරන්නේ ඔවුන් පැමිනෙන දිනය කිට්ටු කරලාය. ඩෙංගු ව්‍යාප්තියට තවත් හේතුවක් වන්නේ අන් නීති සේම ඩෙංගු ව්‍යාප්තියට එරෙහි නීතිය ද කුඩා එකාට එක් අකාරයටත් මහ එකාට එක් ආකාරයටත් කි‍්‍රයා කිරීමය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරිසරයේ ඩෙංගු ව්‍යාප්තිය සොයා බලා දඩ ගසන්නේ නැති බැරි එකාට පමනක් බව සිදුවන දේවල් වලින් පැහැදිලි වේ. නැතිනම් මෙතරම් රාජ්‍ය ආයතන ගණනාවක් එම පරීක්ෂා වලින් මිදී ඩෙංගු තවාන් බවට පත් වූයේ කෙසේද යන්න ප්‍රශ්න කල යුතුව ඇත.
එමෙන්ම අප යම් දෙයක් පිලිබදව කි‍්‍රයා කරන්නේ එය එලි පත්තට පැමිණි පසුය. ඩෙංගු පිලිබද තත්වය ද එයින් බැහැර වී නොමැත. වර්ෂාවක් වැටී ඩෙංගු මාරයා හිස ඔසවා ගෙන එනවාත් සමගම සියඑදෙනාටම ඩෙංගු වලට එරෙහි සටන මතකයට එන අතර ඉන්පසුව පරිසරය පිරිසිදුව තබා ගැනීම, පරීක්ෂා කර දඩ ගැසීම්, ඩෙංගු මර්දන සති, බී ටී අයි බැක්ටීරියා මතකයට එයි. නමුත් වර්ෂාව නතර වනවාත් සමගම සියඑදෙනාම කි‍්‍රයා කරන්නේ ඩෙංගු යනු ජීවිතයටවත් අසා නැති වචනයක් සේය. මෙම අතීසාරයට අමුඩ ගැසිම දැන්වත් නැවැත්විය යුතුය.
ඩෙංගු ජාතික ප්‍රශ්නයක් ලෙස කි‍්‍රයා කල යුතුවා සේම පුරවැසියාට සැමදාම තම පරිසරය පිරිසිදුව තබා ගැනීමට කියා දිය යුතුය. එය ඩෙංගු වැනි විවිධ රෝග වලක්වා ගැනීමට හේතු වනු ඇත.
මෙරට කානු පද්ධතිය ක්‍රමානුකූලව පවත්වා ගැනීම මෙන්ම නිවාස හා වෙනත් ගොඩනැගිලි ඉදිකිරීමේ දී ජලය බැස යන ආකාරයට ඉදිකිරීමට උපදෙස් ලබා දීම ඉතා වැදගත්ය. එය ඩෙංගු ව්‍යාප්තියට මෙන්ම කුඩා වර්ෂාවක දී වුව ද ඇතිවන ගංවතුර තත්වයට නිසි පිලිතුර වනු ඇත.
තම දරුවාගේ පාසලේ විදුහල්පති මාරු කර ගැනීමට පාරට පැමිනෙන, ගස් උඩ නැග උද්ඝෝෂන කරන දෙමාපියන් දරුවාගේ පාසල ඩෙංගු තවානක් වනතෙක් ගත් කි‍්‍රයාමාර්ගයක් නොමැත. බුද්ධිමතුන් සිටිනා සහ බුද්ධිමතුන් බිහි කරනවා යැයි ප්‍රකාශ කරන විශ්ව විද්‍යාල වලින් ඊට අමතරව ඩෙංගු මදුරුවනුත් බිහි කරනනේ නම් මෙරට සාක්ෂරතාවය පිලිබදව කෙතරම් උදම් ඇනුවත් ඇති එලය කිමද?
මෙරට මහා මාර්ගයට අවට පරිසරයට ඩෙංගු මදුරුවන් බෝ වීමට ඉඩ සලසන ද්‍රව්‍ය එකතු වන්නේ නිසි කසළ කළමනාකරණයක් නොමැති නිසාය. වෙනත් රටවල කසල එසේ අවිධිමත්ව බැහැර කලනොහැක. මන්ද එසේ වුව හොත් දඩ ගසන බැවිනි. එම රට වල අවුරුදු තිහ හතලිහ සිට මෙරටට පැමිනෙන ලාංකිකයන් ද එම රටවල පිරිසිදුකම පිලිබදව උදම් අනමින් කුනු කසල ටික පාරට විසි කරන්නේ මෙරට එ් පිලිබදව නීතියක් නොමැති කමිනි.
තවමත් මෙරට නගර සභා පලාත් සභා සිදු කරන්නේ කසළ කළමණාකරණය නොව කුණු ඇදීමය. එක තැනක තිබෙන කුනු තවත් තැනකට ගෙනගොස් දැමීමය. එය ද කුනු කසල මහ පාරේ දමා යන පුරවැසියාගේ කි‍්‍රයාවට දෙවෙනි නැත.
කසල කළමනාකරණය ජනතාවට ඉගැන්වීමට වෙනත් රටවලට අවුරුදු ගණනාවක් ගත විය. එමනිසා අපි දැන්වත් එය පටන් ගත යුතුය. වැඩිහිටියන්ට එය ඉගැන්වීමට අපහසු නම් එය පාසල් දරුවන්ගෙන් ආරම්භ කිරීම උචිතය. මන්ද යම් දිනක වැඩිහිටියන් වන්නේ ඔවුන් බැවිනි. එසේ නොමැති වුවහොත් ඩෙංගු මර්දනය පති‍්‍රකා වලට පමණක් සීමා වනු ඇත.
Comments
Post a Comment