Money politics


‘සාදය මාරයි සල්ලි හමාරයි’ යනු වේදිකා නාට්‍ය නිර්මාණයක නමකි. නමුත් එය උණු  උණුවේ නිමා වූ පාර්ලිමේන්තු මැතිවරණයට උචිත නමක් බව මා හට පසක් වූයේ  විදේශීය නිරීක්ෂකයන් සමගින් මෙරට මැතිවරණ නිරීක්ෂකයන් පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේ දී මතු වූ  කරුණු සමගිනි. සමහර අපේක්ෂකයන් මැතිවරණයට යොදා ගත් මුදල පිලිබදව සුද්දන් කථාකලේ ඇස් උඩ තියාගෙනය.
සියල්ලන්ම මෙය සාමකාමී මැතිවරණයක් ලෙස උදම් අනද්දී මෙම මැතිවරණ ක‍්‍රමය යට සැඟවී තිබෙන අවලස්සන  උලුප්පා පෙන්වූයේ ඔවුන් විසිනි.

  •     ශී‍්‍ර ලංකාවේ පවතින මැතිවරණ ක‍්‍රමය වඩාත් හිතවාදී වන්නේ මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයින්ට බව පැවති මහ මැතිවරණය නිරීක්ෂණය කළ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය  අවධාරණය කරයි.
  •    එම සංවිධානය මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ ගෙවුණු මහ මැතිවරණයේ මිනිත්තු 30 කටත් අඩු කාලයකදී තමන්ගේ වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීම සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු පමණ රුපියල් මිලියන 150 ක් පමණ වියදම් කර තිබෙන බවයි.
  •  මෙරට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුගේ මාසික වැටුප රුපියල් 89000 ක් වන අතර වසර පහක කාලයක් සඳහා මාසික වැටුප් ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකුට රුපියල් මිලියන 5.3 ක් පමණ උපයා ගැනීමට හැකිවේ.
  • කෙසේ වෙතත් ලබාගත හැකි වැටුප් ප‍්‍රමාණයට වඩා සිය ගුණයක් පමණ මැතිවරණය සඳහා වියදම් කිරීමට සමහර අපේක්ෂකයින් පෙළඹී සිටීම අවධානයට යොමුකළ යුතු කරුණක් බව ඔවුන් සඳහන් කරයි.
  • සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ මුළු දිස්ති‍්‍රක්කයෙන්ම මනාප ඡන්ද එකතු කර ගැනීමට අපේක්ෂකයින්ට සිදුවීම නිසා දැවැන්ත මුදල් ප‍්‍රමාණයක් වියදම් කිරීමට නොහැකි ගෞරවණීය පුද්ගලයින්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වන බවද ඔවුන් සදහන් කරයි.
  • මහ මැතිවරණයේදී අපේක්ෂකයන් දසදෙනෙක් පමණ විද්්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සඳහා රුපියල් මිලියන 100ත් මිලියන 200ත් අතර මුදලක් වැය කර තිබේ.
  • ස්වාධීන සමීක්ෂණයකට අනුව අපේක්ෂකයන් හැත්තෑදෙදෙනෙකු  මාධ්‍යවල දැන්වීම් පළ කිරීම සඳහා රුපියල් මිලියන 50කට වඩා වියදම් කළ බව ද තහවුරු වී ඇතැයි පැවසේ.
  • මැතිවරණ නිරීක්ෂණ ආයතන විශ්වවිද්‍යාල සිසුන් යොදා ගනිමින් කරන ලද මෙම සමීක්ෂණයේ වාර්තාව ඉදිරියේ දී එළිදැක්වීමට නියමිත අතර පක්ෂවල වියදම් ද එම වාර්තාවේ ඇතුළත් වේ.

පාර්ලිමේන්තු මන්තීවරයෙක් වී මුළු පාර්ලිමේන්තු කාලයටම ලැබෙන පඩියටත් වැඩියෙන් ඡුන්දයට මුදල් වියදම් කරන අපේක්ෂකයන් දැකීම සුද්දාට අරුමයක් වුවද එම වියදම් කරන මුදල මන්තී‍්‍ර/ඇමති වී මාස දෙකෙන් හම්බ කරන්න පුඑවන් බව දන්නා  අපිට නම් එවා එතරම්  මැජික් නොවේ.
රැුජිනගේ රටේ ඡුන්දය ඉල්ලා එරට පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන එම සුදුසුකම් තබාගෙන ඒ අකාරයට මෙරටින් ඡුන්දය ඉල්ලූවේ නම් ඔහුට ලැබෙන්නේ මාසයේ දින ගනටත් අඩු ඡුන්ද පමාණයකි. මන්දයත් මෙරට ඡුන්ද කමය හා චන්දදායකයාගේ බුද්ධිමත් භාවය එ් තරම් ඉහල මට්ටමක පවතින බැවිනි.
මාධ්‍යවේදීන්ට රෝහල්වල සිටින රෝගීන්ට ඡුන්දය පකාශ කිරීම සදහා ඇඞ්වාන්ස් පෝලින් සිස්ටම් එකක් අවශ්‍ය බව ද මෙහිදී මතු විය. මාණ්ඩලික මාධ්‍යවේදියක් ලෙස රැුකියාව කළ කාලයේ මට ද බොහෝ අවස්ථාවල ඡුන්දය පකාශ කිරීමට නොහැකි විය. අන්ධ මවකගේ ඡුන්දය ඇයගේ කැමැත්තට විරුද්ධව සලකුනු කිරීමට ගොස් ඇති වූ කලබගෑනියක් ගැනද පුවත්පත් වාර්කා කර තිබිනි. මාධ්‍යවේදීන්ට රෝගීන්ටතියා අබාධිතයන් වැඩිහිටි පුද්ගලයන්ටවත් මැතිවරණයක දී ලැබිය යුතු නිසි පහසුකම් තවමත් ලැබී නොමැත.
කාන්තාවන්ට මෙම පවතින ක‍්‍රමය යටතේ තරගකර පාර්ලිමේන්තුවට පියවිසිය නොහැකි නිසා ඔවුන්ට කෝටා ක‍්‍රමයක් කියාත්මක කරන ලෙසටද මෙහිදී යෝජනාවක් මතු විය. ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍රවල සුදුසුකම් සහිත කාන්තාවන්ට නිසි තැන නොලැබෙන තත්වයක් දක්නට ලැබෙද්දී  දේශපාලන ක්ෂේත‍්‍රය ගැන කුමන කතාද? මෙරට මැතිවරණයට ඉදිරිපත්වන කාන්තාවට තිබිය යුතු ප‍්‍රධාන සුදුසුකම රූමත්කමය. නැතිනම් මව්පිය, උරුමය, ස්වාමියා දේශපාලඥයෙක් වීම  සහ නිළිකමය. එම සුදුසුකම් සපුරා නැත්නම් වෙන කිසිදු සුදුසුකමක් තිබුනත් වැඩක් නැත. එම තත්වයට ඡුන්දදාකයා පත්කර ඇත්තේ සමහර මාධ්‍ය විසින්ම වීම කනගාටුවට කරුණකි.
මැතිවරණ වේදිකාවක ප‍්‍රතිපත්ති පකාශය බෙදීමට යොදවා සිටි නිරූපිකාව ‘ෆයිල් අරන්යන නංගියා’ ලෙස හුවා දක්වමින් ඇය අන්තර්ජාලය හරහා ප‍්‍රවර්ධනය කර පසුව සම්මුඛ සාකච්ඡුා පවා පවත්වමින් දේශපාලනයට පැමිනෙනවාදැයි විමසමින් ඇයට දේශපාලන ප‍්‍රතිරූපයක් ආරූඩ කරන මෙරට මාධ්‍ය හා සමාජය දේශපාලනයට පිවිසීමට මෙරට කානතාවට තිබිය යුතු එකම සුදුසුකම රූමත්කම ලෙස නිර්ණායක සකසා සුදුස්සන් පාර්ලිමේන්තුවට නොයන බව පවසමින් විස්සෝප වෙති. මෙරට දේශපාලනය බයිස්කෝප් එකක් බවට පත්වී ඇත. උගත් බුද්ධිමත් ඡුන්දදායකයින් සිටිනවායයි ප‍්‍රකට දිස්තික්ක වලින් සූකිරි කෙල්ලන් පාර්ලිමේන්තුවට තේරී  පත්වන්නේ එ් නිසාවෙනි. ජනපියත්වය සහ රූමත්කම කාන්තාවකට පාර්ලිමේන්තුවට යාමට තිබෙන එකම සුදුසුකම නම් විශාල සමාජ සත්කාරක කටයුතු ගණනාවකට දායක වන සුරූපී හොලිවුඞ් නිළි ඇන්ජලීනා ජොලී මේවන විට අමෙරිකාවේ ජනාධිපති ලෙස තෙවරක්වත් පත්වී තිබිය  යුතුය.
මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම මේ සියල්ලට එකම විසදුම ලෙස බොහෝදෙනා ප‍්‍රකාශ කළ ද එ් සමඟම මෙරට ජනතාව ද බ්‍රේන් වොෂ් වියයුතු බව මාගේ පෞද්ගලික අදහසයි. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව සිතන විටද මාගේ මතකයට එන්නේ තවත් එක් නාට්‍ය නිර්මාණයක නමකි. ‘බල්ලොත් එක්ක බෑ


Comments

Popular Posts