‘ Who let the dogs out?’
‘bha men’ ගායක කණ්ඩායම ගායනා කරන ‘ Who let the dogs out?’ ගීතය බටහිර ගීත පි‍්‍රය කරන කා අතරත්
ජනපි‍්‍රය ගීතයකි. ‘සුනඛයන් ලිහා
දැමුවේ කවුරුන්දැයි?’ යන්න
එහි මුල් පද පේලියේ සරල සිංහල අර්ථයයි.
මෙරට මැතිවරණයක්
පවත්වන කාලයකදී එම පද පේලිය නිරායාසයෙන් මතකයට නැගෙන්නේ දිනපතා
අහන දකින සිදුවීම් නිසාය.
ශී‍්‍ර ලංකාව බි්රතාන්යය අධිරාජ්‍යයේ කොලනියක
තත්වයෙන් මිදී ස්වෛරී රටක් බවට පත්වන විට මෙරට පාලන බලතල මෙරට ජනයාටම පවරා
දීමට බි්රතාන්යය අධිරාජ්‍යය කි‍්‍රයා
කලේය. ඒ අනුව පාලනයේ දී තමන් නියෝජනය කරන මහජන නියෝජිතයා තෝරා ගැනීමේ අයිතිය හෙවත්
හැකියාව ජන්ද බලය මගින් මෙරට ජනයාට හිමිවිය.
මහජන නියෝජිතයෙකු බවට පත්වීමට ඒ කාලයේ සුදුසුකම් බොහෝ
අවශ්‍ය විය. ධනවත් ප්‍රභු පවුලකින් පැවත ඒම
හා එංගලන්තයේ කේම්බි්රජ් ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාල පැත්තේ කරක් ගසා තිබීම එම අනිවාර්ය
සුදුසුකම් අතර ප්රමුඛ විනි. එමනිසා පාරම්පරික ප්‍රභුන්, යටත් විජිත පාලනයේ පිහිටෙන් ප්‍රභූ පවුල් වූ අය මෙන්ම
නැගී ආ වෙළද පන්තිය ද තම දරුවන් රටේ දේශපාලනයට එවීමට පෙර අධ්‍යාපනය අතින් හොදින්
සන්නද්ධ කලේය.
එසේම එකල දේශපාලනය කලේ පරම්පරා ගණනකට හරිහම්බ කිරීමට නොව
තිබෙන සේසතත් වියදම් කරගෙන රටට සේවයක් කිරීමටය. එමනිසා එකල සිටි බොහෝ දේශපාලඥයින්ට
සිදුවූයේ දේශපාලනය නිසා තිබූ ඉඩම් කඩම් මිල මුදල් නැතිකරගෙන ජීවිතයේ අවසන් කාලය දුක සේ ගෙවන්නටය.
මින් අදහස් කෙරෙන්නේ දේශපාලනය යනු ධනවත් ප්‍රභූ
පැලැන්තියේ බූදලයක් විය යුතු බව පෙන්වා ඔවුනට කඬේ යාමට නොවේ. නැතහොත් මෙරට සාමාන්‍ය
පවුල්වල පුද්ගලයාට මෙරට දේශපාලනය කිරීමට සුදුසුකම් නැතිබව ප්‍රකාශ කිරීමට ද නොවේ.
අනෙකුත් පිලිගත් වෘත්තීන් සේම දේශපාලඥයාට ද අධ්‍යාපනය ආදී වෘත්තීය සුදුසුකම් මෙන්ම
සදාචාරය ආදී සමාජීය සුදුසුකම් අවශ්‍ය බව ප්‍රකාශ කිරීමටය.
විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ලබාගෙන මිස එනම් සාමාන්‍ය
වහරේ දී කියනවා මෙන් ලොකු ලොකු විභාග පාස් කරනා තෙක් රටේ පිලිගත් වෘත්තිකයෙකු වීමට
නොහැකිය. මෙලොව පවත්නා සියඑම වෘත්තීන් සදහා එයට අනන්‍ය වූ සුදුසුකම් තිබේ. ඒවායේ
නිරතවීමට නම් එම සුදුසුකම් සැපිරිය යුතුය. ඒ අනුව ශී‍්‍ර ලංකාවේ දේශපාලනයේ නිරත
වීමට නම් සැපිරිය යුතු අවම සුදුසුකම් මෙසේය.
හිරේ ගොස් තිබීම
සතී්ර දූෂණයක් සිදුකර තිබීම
පලාතේ නම ගිය අපරාධකරුවෙකු වීම
වැස්සකටවත් පාසලකට ගොඩ වී නොතිබීම
සමාජ විරෝධි ව්‍යාපාරයක නිරත වී සිටීම හෝ එවැනි
ව්‍යාපාර වල නිරතවන මිතුරන් සිටීම
ජනතාවට මැජික් පෙන්වීමේ කලාව ප්‍රගුණ කර තිබීම
මෙම සියඑ සුදුසුකම්
ඕනෑවටත් වඩා සපුරා තිබෙන මෙරට දේශපාලඥයින් මෙම මැතිවරණ දිනවල පුවත්පත් හා රූපවාහිනිය හරහා පෙන්වනු ලබන
ඔවුන්ගේ වෘත්තීය දක්ෂකම් අතර පොලිස් නිලධාරින් ආදී නීතිය කි‍්‍රයාත්මක කලයුතු අයට
පහරදීම, සාමාන්‍ය ජනතාවට තර්ජනය කිරීම, චිකාගෝ ක්රමයේ
පාතාල ක්‍රියාකාරකම්, ගිනි අවි ප්‍රදර්ශනය ආදිය ප්‍රමුඛස්ථානයේ තිබේ.
තමන්ගේ කි‍්‍රයා කලාපය නිසා දේශපාලඥයින් මෙම කාලයේ සුපිරි තරු බවට පත් වී
සිටියි.
අතීත රජ සිරිත
අනුව යමින් දේශපාලනයද පවුලේ බූදලයක් බවට පත්
වී තිබෙන නිසා එම දේශපාලඥයින්ගෙන් ඉල්ලීමට
තිබෙන්නේ එකම දෙයකි. එනම් කරුණාකර ඔබටත් වඩා හොදින් හැදී සිටින ඔබලාගේ
දරුවන් දේශපාලනයට නොඑවන්න කියාය. එසේ
නොවුන හොත් අනාගතයේ දී ඉන්දියන් සාගරයේ මුතු ඇටය තිබූ තැනක්වත් සොයා ගැනීමට බැරිවන
බව සිකුරුය. නමුත් අද සිදුවන්නේත් එයමය.
මෙම දේශපාලඥයින්
තමන් (නො)කල වැරදි වලින් ඇප පිට හෝ සාක්ෂි නොමැති කමින් හෝ (සාක්ෂි නොමැති කරවීම
වෙනමම දෙයකි) නිදහස්ව පැමිනෙනවිට ඔහුගේ හෙංචයියන් මල් මාලා දමා රතිඥ්ඥා දල්වා ඔහු
පිලිගන්නා අකාරයට මෙරට ත්‍රස්තවාදයෙන් මුදාදුන් රණවිරුවන්වත් ජනතාව පිලිගෙන නැත.
මේ ආකාරයට තමන්ගේ පටු වාසි සදහා සමාජයේම
කොටසක් ඔවුන්ගේ වැරදි නිවැරදි බව ඔවුනට ඒත්තු ගන්වන විට ඔවුන් දිගින් දිගටම
එම (නි)වැරදි දෙයෙහිම නිරත වීම වැලැක්විය හැකි වන්නේ ද?
බත්
පැකට් එකට රුපියල් පන්සීයට අරක්කු ටිකකට නෑදෑකමට රැකියාවක් ලබා ගැනීමට නීති විරෝධී
ව්‍යාපාරය නීත්‍යානුකූල කර ගැනීමට ඔවුනට ජන්දය ලබාදෙන ජන්දදායකයා මේ පිලිබදව
කල්පනා කලයුතු නොවන්නේද?
ප්රජාතන්ත්රවාදී
රටක උරුමය වන නිදහස් ජන්ද අයිතිය නිසි පරිදි භාවිතා කිරීමට තාමත් නොදන්නා
ජන්දදායකයන් වන අපි හොදින් සිතා බැලූවහොත් ‘සුනඛයන් ලිහා දැමුවේ කවුරුන්දැයි?’ අවබෝධ වනු ඇත.
සාර්ථක ලිපියක් .... සුභපැතුම් ...
ReplyDelete