Abraham Lincoln letter to his son's teacher
ලින්කන් තම පුතුගේ ගුරුවරයා වෙත යැවූ ලිපිය සෑම මිනිසෙකු ම සාධාරණ නොවන බවද සෑම මිනිසෙකු ම සත්‍යවාදී නොවන බවද මගේ පුතු උගතයුතු බව දනිමි එසේ වුවද ඔහු මෙසේ ද දැනුවත් කරන්න සෑම නොසන්ඩාල පුද්ගලයෙකුටම වික‍්‍රමාන්විත පුද්ගලයකු බැගින් ද සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකුටම දැයට කැපවූ නායකයෙකු බැගින් ද සෑම සතුරෙකුටම හොඳ මිතුරෙකු බැගින්ද සිටින බව පහදා දෙන්න ඔබට හැකියාවක් ඇත්නම් ඔහු ඊර්ෂ්‍යාවෙන් බැහැර මගකට යොමු කරවන්න නිහඬ සිනාවක රහස වටහා දෙන්න පහසුවෙන් මෙල්ලකල හැක්කේ කරදරකාරයින් බව බාල වියේදීම වටහාගන්න සලස්වන්න ඔබට හැකියාවක් ඇත්නම් පොතක ඇති මහිමය පහදා දෙන්න අහසේ පියාඹන පක්ෂියා තුල සැඟව ඇති සදාතනික අභිරහස කරා මනස යොමු කිරීමට ද හිරු එළියේ ගැවසෙන මී මැස්සන් හරිත වර්ණ කඳු බෑවුමක පිපෙන පුෂ්පයන් කරා මනස යොමු කිරීමට ද නිසල විවේකයක් ලබාදෙන්න වංචා කිරීමට වඩා විභාගයෙන් අසමර්ථවීම නම්බුකාර බව ඔහුට පාසලේදිම උගන්වන්න අසා සිටින අය කොතරම් විරුද්ධ මත පල කලද තමා දරන මත තම විශ්වාෂය තැබිය යුතු බව එ්ත්තු ගන්වන්න සාධාරණ අහිංසක පුද්ගලයින් සමඟ අහිංසක විමටත් රළු පරුෂ පුද්ගලයින් සමඟ රළු පරුෂ වීමටත් උගන්වන්...